(ගයාන් සූරිය ආරච්චි,චමිල් රූපසිංහ සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
කොළඹ සිට තෙල්දෙනිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් කඩුගන්නාව ඩෝසන් කුළුන අසල ආසන්නයේ දී විශාල ගසක හැපිමෙන් තුවාල කරුවන් 6 දෙනකු මහනුවර රෝහලට ඇතුලත් කළ බව කඩුගන්නාව පොලිසිය පවසයි.
අද (21) පස්වරු 3 ට පමන සිදුවු මෙම අනතුරින් බස් රථයේ රියදුරු ඇතුලු බස් රථයේ ගමන් ගත් මගින් 5 දෙනකුට තුවාල සිදුව ඇත.
තුවාල කරුවන් ප්‍රදේශවාසීන් හා කඩුගන්නාව පොලිසියේ නිලධාරින් මැදිහත්ව රෝහල් ගත කර ඇති අතර කිසිවකුට බරපතල තුවාල සිදුවි නැතියි රෝහල් ප්‍රකාශකයෙක් කීය.
දැනට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ තිරිංග අක්‍රිය වීම හේතුවෙන් මෙම අනතුරුව සිදුව ඇතිවය.
කඩුගන්නාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ගතවූ පැය 24 ට මාරක රිය අනතුරු 10 කින් පුද්ගලයන් 13 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
මාදම්පිටිය පොලිස් ස්ථානයේ උපසේවා බාරයේ තිබූ පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් අඩංගු පතරොම් ගැබ අස්ථාන ගතවීම සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුව
සියලු වෛද්‍යවරුන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වැල්ලම්පිටිය කුඩා බුත්ගමුව ප්‍රදේශයේදී රුපියල් කෝටියකට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ඊයෙ( 21) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කා
පාලවිය කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරක්කන්හේන ප්‍රදේශයේ රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි කල්පිටිය පොලිසිය මගින් සැක කටයුතු කන්ටේනර් රථයක් අත් අඩංගුවට
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 6ක් රෝහලට
ravin Saturday, 21 December 2024 05:27 PM
බසයේ ගමන්මග කාටහරි පැහැදිලි කරන්න පුළුවන්ද? බසයේ ගමන්මග විය යුත්තේ තෙල්දෙණිය මහනුවර...
ණිමල් කුමාරසිරි Saturday, 21 December 2024 07:47 PM
කොළඹ සිට මහනුවර දක්වා ගමන් කරන තෙල්දෙණිය ඩිපෝවට අයත් බස්රියකි.